දේශීයප්‍රමුඛ පුවත 1

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

(UTV |කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ තවත් පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ.

ඒ මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රවලදී පෙරවරු 8 ට එම ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

කොමිෂන් සභාව සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ඡන්ද ගණන් කිරීම පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම එහි අරමුණ බවයි.

ඊයේ(26) ඒකාබද්ධ ඡන්ද ගණන් කිරීමේ තවත් පෙරවරු වැඩසටහනක්  හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අදාළව  මොනරාගල රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණි.

මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටියේය.

Related posts

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන ඒමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

බූස්ස නාවික හමුදා කඳවුරේත් නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment