දේශීය

එජාපය මැතිවරණ ප්‍රචාරනය අරඹන දිනය ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – අගෝස්තු මස 05 වනදා ආරම්භ වීමට නියමිත මහ මැතිවරණය සඳහා වූ සිය ප්‍රචාරක වැඩපිළිවෙල ලබන ඉරිදා (28) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා කියා සිටියේ සිය ප්‍රචාරක වැඩපිළිවෙලේ දී සමාජ මාධ්‍ය ඇතුලු නවීන ක්‍රම කෙරෙහි වැඩි අවධානයක් තබා ඇති බවයි.

සෞඛ්‍ය නිර්දේශ කඩ නොවන අයුරින් ප්‍රචාරණ වැඩපිළිවෙල පවත්වාගෙන යන බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරිවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

Leave a Comment