දේශීය

කළුතර නගරාධිපති අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කළුතර දකුණ පොලීසිය විසින් කළුතර නගරාධිපති අමීර් නසීර් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙනි.

කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එස්.ඒ.ඩී. නිලන්ත මහතා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.

පසුගිය ජූනි 23 වන දින මොවුන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් ක්‍රීඩාංගනයට අනවසරයෙන් ඇතුළු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

Editor O

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment