දේශීය

සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්

(UTV | කොළඹ ) – නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආන්දෝලනාත්මක සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශන අවසන් වී ඇති බව අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අධිකරණයට දන්වා තිබේ.

මීට අමතරව එම මාධ්‍ය හමුවට පෙනී සිටි මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ 1 හා 2 සැකකරුවන් දෙදෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකිරීම හා ඔවුන් දැනට බන්ධනාගාරගතව සිටින බව කිසිදු නීතිඥවරයෙකු අධිකරණයට නොදැන්වීම හේතුවෙනි.

Related posts

හිටපු ඇමති ප්‍රසන්න රණවීර ට ඇප

Editor O

පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

සමන් පෙරේරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment