දේශීය

උපාධිධාරි අභ්‍යාසලාභීන් අතරින් 15000 ක් ගුරු සේවයට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවය සඳහා අලුතින් බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන් අතරින් 15,000 ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් පද්ධතිය තුළ පුහුණුව ලබාදීම සඳහා අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සඳහා අනුමැතිය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ උපාධිධාරි අභ්‍යාසලාභීන් 42,919 දෙනෙකුට මේ වන විට පත්වීම් ලිපි නිකුත් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ මහ මැතිවරණය අවසන් වීමෙන් පසු තවත් අභ්‍යාසලාභීන් 7000 කට පත්වීම් ලිපි නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ගැන නීතීඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment