දේශීය

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව අද ජනපති වෙත

(UTV | කොළඹ ) – අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහශ්‍ර අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව භාරදීමට නියමිතව තිබේ.

ඊයේ (24) එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට භාරදුන්නේය.

එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

එම්.සී.සී. සමාලෝචන කමිටුව විසින් එම්.සී.සී. ගිවිසුම, මාස හයක කාලයක් අධ්‍යයනය කර ඇති අතර ඊට විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැළකිල්ලට ගනු ලැබුවේය.

ඉන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ අධ්‍යනයකින් පසුව මෙලෙස අදාළ වාර්තාව සකස් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කැබිනට් අනුමැතිය සහිතව පත් කළ එම්.සී.සී. සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේය.

Related posts

විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ලේ ආරක්ෂාව සඳහා ⁣ඉදිකර තිබූ හමුදා මුරපොළකට පස්කන්දක් කඩා වැටේ

Editor O

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment