දේශීය

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ ) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර විසින් වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු 16 වනදා සිට ජුනි 30 වනදා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියැදුරු බලපත්‍රයකම කාලය මාස හයකින් දීර්ඝ කර ඇත.

2020 ජූලි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසාන වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇත්තේ මාස තුනකිනි.

මෙලෙස වලංගු කාලය දීර්ඝ කරනුයේ අදාළ රියැදුරු බලපත්‍රය වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබූ දිනයේ සිට බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

උදය ගම්මන්පිල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට කරුණු කියයි

Editor O

විදේශ රැකියා සඳහා යෑමට අපේක්ෂා කරන අයට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment