දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

(UTV | කොළඹ ) – අද (20) සහ හෙට (21) යන දිනවල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වේ.

අද දිනයේ දී කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, මොණරාගල, දඹුල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එක් සාකච්ඡා වටයක් පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.

ඒ සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන්, මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගී වීමට නියමිතය.

හෙට දිනයේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.

Related posts

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30% ඇමෙරිකානු තීරු බද්ද අගෝස්තු 01දා සිට ක්‍රියාත්මකයි..?

Editor O

හිඟය අවසන් වුණැයි කීවත් ලුණු මිල තවමත් අහසේ : ලුණුවල අසීමිත ලාබය යන්නේ කාගේ සාක්කුවට ද ?

Editor O

Leave a Comment