දේශීය

ටයර් දමා පිළිස්සෙමින් තිබූ මළ සිරුරක කොටස් හමුවේ [PHOTOS]

(UTV | දඹුල්ල) – ටයර් දමා ගිනිතබා පිච්චෙමින් තිබෙන මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී දඹුල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ වනවිටත් ටයර් දමා මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද මෙම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මනව පාසල් ලබාදීම සිදුවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ආයතන 457ක් කෝප් කමිටුවට කැඳවයි

Editor O

ඉදිරියේදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment