දේශීය

ටයර් දමා පිළිස්සෙමින් තිබූ මළ සිරුරක කොටස් හමුවේ [PHOTOS]

(UTV | දඹුල්ල) – ටයර් දමා ගිනිතබා පිච්චෙමින් තිබෙන මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී දඹුල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් ගෝන වැව ප්‍රදේශයට ගොස් සොයා බැලීමේදී ඒ වනවිටත් ටයර් දමා මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද මෙම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Related posts

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය

Editor O

අරුගම්බේ ප්‍රහාර අවධානම ගැන ආණ්ඩුව දැන සිටියානම්, විදේශ තානාපති කාර්යාල අවධානම් නිවේදන නිකුත් කරන තෙක් කිසිවක් නොකළේ ඇයි ?- හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

Leave a Comment