දේශීය

මෙවර පෙරහැරේ කලා ශිල්පීන් සහ අලි ඇතුන් සංඛ්‍යාව අවම කරයි

(UTV | නුවර) –  මෙවර ඇසළ පෙරහැර ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පැරණි සාම්ප්‍රදායානුකූලව චාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටු කරමින් පවත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දළද මාලිගා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේවරයා සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව එම තීරණය ගත් බවයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස 21 වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව ජූලි මස 25 වැනිදා ප්‍රථම කුඹල් පෙරහර වීථි සංචාරය කෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

පෙරහැරට දායකත්වය සපයන කලා ශිල්පීන් සංඛ්‍යාව 30 % ත් 40 % ත් අතර ප්‍රමාණයකින් අඩුකර ඇති බවත් , ඔවුන් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය කර ඇති බවත් දියවඩන නිළමේවරයා පවසා සිටියි.

මෙවර මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කරවන අලි ඇතුන් සංඛ්‍යාවද 50 ත් 60 ත් අතර මට්ටමකට අඩු කර ඇතැයිද ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ඉවතට

Mohamed Dilsad

බන්ධනාගාර සෞඛ්‍ය සේවා (හිටපු) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් බන්ධනාගාරගත කරයි

Editor O

Leave a Comment