දේශීය

මිනී මැරුම් චෝදනාවකට වරදකරු වූ අයෙකුට මරණ දඬුවම

(UTV | කොළඹ) –  ඝාතන චෝදනා එල්ල වූ සැකකරුවෙකුට ගම්පහ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන හසලක උල්පතගම ප්‍රදේශයේ පදිංචි පි.එම්.මැදගෙදර නවරත්න බංඩා නමැති අයෙකුටයි.

කාන්තාවක් සහ කුඩා දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

විත්තිකරු විසින් ඝාතනය කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි මවක් සහ ඇයගේ සිව් හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවායි.

කෙසේ වෙතත් සැකකරු පිළිබඳව තවත් තොරතුරු රැසක් නඩු විභාගය අතරතුරදී අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.

ඔහු උල්පතගම ඉන්ද්‍රසාර නමින් චීවරධාරියෙකු ලෙස 1990 සිට 1994 දක්වා සිව් වසරක කාලයක් නිට්ටඹුව ප්‍රදේශයේ පිරිවෙනක වාසය කර තිබෙන අතර ,
අනතුරුව 1994 දී පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී පොලිස් කොස්තාපල්වරයෙකු ලෙසද 1997 දක්වා සේවයේ යෙදී තිබේ.

පසුව ඉන් ඉවත් වූ මෙම පුද්ගලයා සංචාරක වෙළෙන්දෙකු ලෙසද කාලයක් තිස්සේ කටයුතුකර ඇති බව අනාවරණ වී ඇත.

Related posts

වලපනේ සමූපකාර නිලවරණයෙන්, මාලිමාව වළටම වැටේ….

Editor O

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment