දේශීය

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටත් අවධානම්

(UTV |ඉන්දියාව) – ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඊයේ(16) දිනයේ දී වාර්තා වූයේ ඉන්දියාවෙනි.

ඒ මරණ 2006කි.

එසේම ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 11,135ක් හදුනාගෙන ඇත.

ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3ලක්‍ෂ 54000ක් වේ.

මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන 11,900 ඉක්මවා ඇත.

ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කෝටිය ඉක්මවනු ඇති බවට එරට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් අසල්වැසි ඉන්දියාවේ කොරෝනා රෝගීන් ඉහළ යාම ශ්‍රී ලංකාවට ද අනතුරුදායක විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

ලංගමයට ඉන්දියාවෙන් බස්රථ 600 ක්

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

Mohamed Dilsad

බිළිඳා දුම්රියේ තැබූ හේතුව මව පාපෝච්චාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment