දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 83 ලක්ෂයට ආසන්න වෙයි

(UTV| කොවිඩ් 19 ) –  මේ වන විට ලෝ පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8,260,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.

ඇමරිකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,208,400 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට මරණ සංඛ්‍යාව 119,132 ක් වාර්තා වෙයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවෙයි. බ්‍රසීලයේ ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 1,338ක් හමුවී තිබේ.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය සංඛ්‍යාව 50,000 කට ආසන්න වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 තුළ එරටින් මරණ 2006ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,921ක් ලෙසයි.

එමෙන්ම, නව ආසාදිතයින් 11,135ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 54,161 දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ලොව විශාලම මධ්‍යස්ථානය දිල්ලි නුවර ඉදිකිරීමට ඉන්දියාව සූදානම් වන අතර , එහි විශාලත්වය පාපන්දු ක්‍රීඩාංගණ 22 කට ආසන්නයි.

ඇඳන් 10, 000 කින් එය සමන්විත බව ද ඉන්දීය වාර්තා සඳහන් කළේය.

Related posts

කතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්

Editor O

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුව පැය 3කට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment