දේශීය

පළාත් පාලන ආයතනවලට රජයෙන් සහන

(UTV | කොළඹ ) – රජය විසින් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ගැටලුවලට මුහුණ දී ඇති පළාත් පාලන ආයතන සඳහා සහන සැලසීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් 50% ක් පමණ කොරෝනා ව්‍යාප්තියත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මූල්‍ය ගැටලුවලට ලක්ව ඇති බවය.

මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 347 කි.

එම ආයතනවලට වූ මූල්‍ය ගැටලු පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි උපදෙස් දුන් බව අමාත්‍යාංශය සඳහන් කළේය.

පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගයෙන් එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ සහන සැලසීම සිදු කෙරෙනු ඇත.

Related posts

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

Mohamed Dilsad

බස්නාහිර 1831 කට මුව ආවරණ අවවාද

Mohamed Dilsad

Leave a Comment