දේශීය

හිරුනිකාට සිතාසියක්

(UTV |කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කෙරේ.

ඒ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙම නියෝග කර තිබේ.

අද දිනයේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කර ඇත.

 

Related posts

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවට කල් යයි

Mohamed Dilsad

Leave a Comment