දේශීය

සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමේ සූදානමක්

(UTV| කොළඹ) – බන්ධනාගාරගතව සිටින සිරිකරුවන් නැරඹීම සඳහා ඇති ක්‍රමවේදය යථාවත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.

මෙම රෙගුලාසිය මඟින් සිරකරුවන්ගේ සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන්කර සිටියේය.

මේ අතර එම රෙගුලාසිය මඟින් නැරඹුම්වලිදී නිතීවිරෝධී ක්‍රියා සිදු නොවෙන්නට අවශ්‍ය සියලු පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

Editor O

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ පරිපාලනමය වෙනස්කමකට අවධානය

Mohamed Dilsad

Leave a Comment