දේශීය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වනදා සිට

(UTV | කොළඹ) –  ජාතික හැඳුන්ම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මේ මස 22 වන දින සිට යලිත් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය පැවසුවාය.

එක්දි සේවාව ලබා ගැනිමට පැමිණිමට පෙර තමන්ගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් දිනයක් ලබා ගත යුතු බවත් ඒ අනුව ලබාදෙන දිනයට අයදුම්කරු පමණක් පැමිණිය යුතු බවත් ඇය පැවසීය.

පළමු අදියර යටතේ දිනකට හැඳුනුම් පත් පනහක් පමණ නිකුත් කිරිමට බලාපොරොත්තුවන නිසා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් ඔන් ලයින් ක්‍රමය යටතේ අංකයක් හා දිනයක් ලබා ගත යුතු බවද එසේ දිනය හා වේලාව ලබා ගන්නා අය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණිය යුතු බවද ඒ මහත්මිය පැවසුවාය.

ඔන්ලයින් ක්‍රමයට දිනය හා වේලාව ලබා නොගන්නා අයට මෙහිදි හැඳුනුම්පත් නිකුත් නොකරන බවද දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා රෝගීන් 25 දක්වා ඉහළට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment