ගොසිප්

එජාපයේ තනතුරු වල වෙනසක්

(UTV |කොළඹ) – මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ පවතින තනතුරු කිහිපයක වෙනසක් සිදු කිරීමට හා එම තනතුරු සඳහා නව පුද්ගලයන් පත් කිරීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට මෙම තීරණය ගෙන ඇති අතර එහිදී පක්ෂය තුළ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කිරීමට වැඩි අවධානයක් යොමුව ඇති බවද වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය ස්ථාපිත කිරීමත් සමඟ ඔහු විසින් දරන ලද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුරට නව පුද්ගයෙකු පත් කිරීමටත්, ඊට අමතරව තවත් නියෝජ්‍ය නායක ධුරයක් ඇති කිරීමටත් පක්ෂයේ ඉහළ සාමාජිකයන් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද ජාතික සංවිධායක තනතුර සඳහාද නව පුද්ගයෙකු පත් කිරීමට මේ වනවිට අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබෙන බවත්, ඒ අනුව එය මේ වනවිට සාකච්ඡා මට්ටමින් සිදුවන බවත් සඳහන් වේ.

 

Related posts

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරිය ලෝ පුරා ශ්‍රී ලාංකිකයින්ගෙන් ආධාර ඉල්ලයි [LETTER]

Mohamed Dilsad

නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය

Mohamed Dilsad

Leave a Comment