දේශීය

මාර්ග අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (16) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

Editor O

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment