දේශීය

මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

(UTV | මාවනැල්ල) – මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 15 දෙනෙකු ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2019 ජනවාරි මස 2 වනදා හෝ ඊට ආසන්න දිනයක දී මාවනැල්ල ප‍්‍රදේශයේ ස්ථාන කීපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය හා මාවනැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

Related posts

විදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණය

Editor O

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

දියේ ගිලී විදේශිකයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment