විදෙස්

කොරෝනා ඉරානය තුළ යළිත් හිස ඔසවයි.ලිහිල් කළ සීමා දැඩි කෙරේ

(UTV |ඉරානය) – ඉරානයේ ලිහිල් කළ සීමා නැවත දැඩි කිරීමට එරට රජය තීරණය කරයි.

විදෙස් වාර්තා පැවසුවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යලිත් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම වසංගතය හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති මැද පෙරදිග රට වනුයේ ඉරානයයි.

ඊයේ දිනයේදී පමණක් එරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇත.

ඉරානයේ කොවිඩ් -19 හේතුවෙන් සිදුවන දෛනික මරණ සංඛ්‍යාව 100 ට වඩා ඉහළ ගොස් මාස දෙකකට පසු යළිත් කොරෝනා රෝගය  නැවත ව්‍යාප්තවීමේ සලකුණු පහළ වීමත් සමඟ මෙලෙස ලිහිල් කළ සීමා නැවත දැඩි කර තිබේ.

ඉරානයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 187,427 වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව 8,837කි.

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

WhatsApp වලට අළුත් වෙනසක්

Mohamed Dilsad

ඇලස්කාවත් දෙදරයි

Mohamed Dilsad

Leave a Comment