දේශීය

අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ

(UTV|අනුරාධපුරය) –  අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන් සඳහා ද මහ මැතිවරණයට අදාළ පෙරහුරු ඡන්ද ප්‍රකාශ කිරීමක් අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ දී පැවත්විය.

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී , දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පැවැසුවේ, හොරොව්පතාන මරදන්කඩවල ප්‍රදේශයේ ඡන්ද දායකයින් 200 ක් යොදාගෙන මෙම පෙරහුරුව පැවැත්වූ බවයි.

මෙම පෙරහුරුව පවත්වා ඇත්තේ මරදන්කඩවල පේෂකර්ම ගොඩනැගිල්ලේදීයි.

ඊයේ පස්වරු 2.30 සිට සවස 4.00 දක්වා පැවැත් වූ මෙම පෙරහුරුවේ දී ඡන්ද දායකයින් 200 ක් අතරින් 137 දෙනෙකු ඡන්දය භාවිත කර තිබේ.

නිරෝධායන නීති රීතීන්ට අනුකූලව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඡන්දය භාවිත කිරීම සිදුකරන ආකාරය පිළිබඳවත් එහිදී ඡන්දය භාවිත කිරීමට කොපමණ කාලයක් ගතවනවාද යන්නත් ආදී කරුණු පිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම මෙම පෙරහුරුවේ අරමුණ වී ඇත.

හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හා පොලීසියේ සහය ද මේ සඳහා ලැබී තිබෙන අතර, ත්‍රිකුණාමලය හා අනුරධපුර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ද මේ අවස්ථාවට පැමිණි සිටියේය.

Related posts

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

තවත් ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි

Mohamed Dilsad

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment