දේශීය

දහම් පාසල් විවෘත කිරීමට සැළසුම්

(UTV | කොළඹ ) – දහම් පාසල් අදියර 3ක් යටතේ විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

10 ශ්‍රේණිය, අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලබන මස 16 වැනි දා අධ්‍යනය කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව එහි කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම සඳහන් කළේය.

3 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති ලබන ජූලි 26 වැනි දා ආරම්භ කරන බව සුනන්ද කාරියපෙරුම පවසයි.

1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය පන්ති , පාසල්වල දින වකවානු නියම කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන නිර්දේශ ලබා දී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියපෙරුම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ මහ නගර සභ අයවැය මාලිමාව දිනයි

Editor O

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන්නන්ට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment