දේශීය

තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ගේ රාජකාරී දින අඩු කරයි

(UTV | කොළඹ) –  තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ දින 6 ක වැඩ සතිය දින 5 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෙනසුරාදා දිනවලදී රාජකාරියට නොපැමිණෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට දැනුම් දී තිබේ.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රට මුහුණ දී ඇති ආර්ථික අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් ඉදිරි මාස 3 සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් අතිකාල දීමනාද ඇතුලුව දිනකට රුපියල් මිලියන 21 ක් වැයවන බව බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නිල නිවසින් යයි

Editor O

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

බුරවී දිවයිනෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment