දේශීය

ඇප අයඳුම්පත් සලකා බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ

(UTV| කොළඹ) –  ඇප ලබා ගැනීම සඳහා රැඳවියන් බන්ධනාගාරවල සිට අධිකරණය වෙත රැගෙන යාම වෙනුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හා සම්බන්ධ වෙමින් ඇප ලබාදීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රට පුරා බන්ධනාගාර 23 ක 15,000 ක් පමණ රැඳවියන් සිටින අතර ඔවුන්ගෙන් 5400 ක් පමණ දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම පසුගිය කාලයේ දී රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටිය දී සිදුවු ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23 ක් සහ බන්ධනාගාර 04 ක ආවරණය කරමින් යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

 

 

 

Related posts

රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment