දේශීය

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ) – ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවද කාලගුණ අංශය සඳහන් කරයි.

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තුවට ලැබී නැහැ – කථානායක

Editor O

තවත් කොවිඩ් ආසාදිතයින් 75ක්

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment