දේශීය

ජාතික රෝහලේ මුදල් මංකොල්ලය සිදුකර ඇත්තේ වෛද්‍යවරයෙක්

(UTV | කොළඹ) – අද (09) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79 ක මුදල කොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

අද (09) පස්වරුවේ මරදාන පොලිස් ස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

සැකකාර වෛද්‍යවරයා වෙනත් රෝහලකට අනුයුක්තව සේවය කරමින් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධියට යම් කිසි පුහුණුවකට කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත.

වයස අවුරුදු 33 ක් පමණ වන සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වුවත් තාවකාලිකව කොළඹ කොටා රෝඩ් ප්‍රදේශයේ සිටින අතර , අද පස්වරුවේ සැකකරු විසින් පිස්තෝලයක් පෙන්වා අදාළ මුදල් පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

සැකකාර වෛද්‍යවරයා ඒ සඳහා යොදාගෙන ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණ වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

පදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයි

Mohamed Dilsad

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment