දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී සී ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 34 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 522 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Related posts

රිෂාඩ් ගැන විපක්ෂය ප්‍රශ්න කරද්දී කතානායකවරයාට කට උත්තර නැති වෙයි

Mohamed Dilsad

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මෙවරත්

Mohamed Dilsad

කතානායකවරයාට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment