දේශීයප්‍රමුඛ පුවත 1

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියහ.

නව ක්‍රමවේදයට අනුව මෙම ගුවන් මගීන් පිරිස සහ කාර්ය මණ්ඩලය ගුවන් තොටුපල පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා ලක්කිරීමට කටයුු කර ඇත.

පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක්  මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපල අවට හෝටල් හතරක නවතා තැබීමටද ගුවන් තොටුපල බලධාරීන් පියවර ගෙන තිබේ.

එහිදී කිසියම් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වුවහොත් ඔවුන් ළඟම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරෙන අතර, අනෙක් ගුවන් මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.

Related posts

රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි

Mohamed Dilsad

රතන හිමි CID යට පැමිණෙයි

Mohamed Dilsad

අලුත්ගම කන්දෙ විහාරාධිපති හිමියන් අපවත් වෙයි…

Mohamed Dilsad

Leave a Comment