දේශීය

නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී වැසි වැඩි වෙයි

(UTV| කොළඹ) – නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තරමක වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ටවැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකියි.

Related posts

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

ඊයේ රෝගීන් සියලු දෙනා විදේශ සිට පැමිණි අයයි

Mohamed Dilsad

රටේ ලෝකයේ ප්‍රවෘත්ති එසැණින් ලබා ගැනීමට UTV NEWS ALERT සක්‍රීය කරගන්න

Mohamed Dilsad

Leave a Comment