දේශීය

ලෙබනනයේ රැදී සිටින ලාංකිකයින්ට PCR පරීක්ෂණය නොමිලේ

(UTV | කොළඹ) – මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්.

Related posts

මහනුවර කොටුව නව දුම්රියක්

Mohamed Dilsad

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

හදවත නිසලය…! මතකය සසලය…! නන්දන ගුණතිලක ගැන විමල් වීරවංශ තැබූ සටහන….

Editor O

Leave a Comment