දේශීය

මාස 3ක කාලයක් සඳහා අයවැය චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – මාස 3ක කාලයක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් රාජ්‍ය වියදම් දැරිය යුතු ආකාරය සඳහන් අයවැය චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

ඒ ජුනි 1 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා වන අතර අදාළ නිවේදනයට අනුව එම කාලයේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 1043ක් ලෙස දක්වා තිබේ.

ඉන් බිලියන 398.8ක් වෙන් කර ඇත්තේ ප්‍රාග්ධන වියදම් සහ ණය ගෙවීම් සඳහා බව සඳහන්.

ඒ යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 107.26ක් වෙන් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 43.1ක්.

Related posts

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේ

Editor O

බූරු මූණා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment