දේශීය

ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කල ගණන 12,000 ආසන්නයි

(UTV | කෝවිඩ් -19) – ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 11,709 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේදී තවත් 17 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක තවත් 5240 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කළේය.

අද (05) දිනයේදී වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු දෙදෙනෙකු පිටත්ව යාමට නියමිතයි.

Related posts

රටේ මත්පැන් ඉල්ලුම 30% පහළට

Mohamed Dilsad

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ

Editor O

Leave a Comment