දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි

(UTV| කොවිඩ් 19) – මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබේ.

සමස්ත මරණ සංඛ්‍යාව 386, 779 ක් ලෙස දැක්වෙන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 6561, 951 ක් ලෙසයි.

සුවය ලැබූ සංඛ්‍යාව 3161, 234 ක් බවට ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර එය දැක්වෙන්නේ 1,269 ක් ලෙසයි.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 32,547 ක් ලෙස වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 583,980 ක් ලෙස දැක්වෙයි.

තවදුරටත් ඇමරිකාවේ දෛනික මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 109,140 ක් ලෙස වාර්තා වෙද්දී ආසාදිතයන් සංඛ්‍යාව 191,686 ක් ලෙසට සටහන් වෙයි.

දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ ද ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 259 ක් වාර්තාවූ අතර, නව ආසාදිතයන් 9,633 ක්ද සොයාගෙන ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

Related posts

2022 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ලොහාන් සහ බිරිඳ 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

Mohamed Dilsad

Leave a Comment