දේශීය

මොරටුව ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර  අකුරැස්ස බලකාවල ප්‍රදේශයේදියි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5 ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොණ්ඩ ජනිත් නම් පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර , ඔහු ලබන මස 5 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ පොලීසියට අවසර දුන්නේය.

Related posts

උප්පැන්න සහතිකය අලුත් වෙයි

Mohamed Dilsad

නුවරවැව රක්ෂිතයට අදාළ අභියාචනා විමර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අමාත්‍ය අනුකමිටුවක්

Editor O

විපක්ෂනායකගේ අවුරුදු සුබ පැතුම

Mohamed Dilsad

Leave a Comment