දේශීය

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(UTV | කොළඹ) – වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අද දැනුම් දී තිබේ.

ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ වරෙන්තුවක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි.

Related posts

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා බාර වෙයිි

Editor O

විදුලිබල ඛණිජ තෙල් ආශ්‍රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment