දේශීය

වැලිකඩ හිටපු OIC ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(UTV | කොළඹ) – වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අද දැනුම් දී තිබේ.

ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ වරෙන්තුවක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි.

Related posts

උසස් පෙළට සියල්ල සූදානම්

Mohamed Dilsad

ලාංකික සිසුන් බේරා ගැනීමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට උපහාර [PHOTOS]

Mohamed Dilsad

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

Mohamed Dilsad

Leave a Comment