Trending News

ආගමික සමගිය සහ සාමය පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම ඉස්ලාමීය නායකයින්ගේ පැසසුම

(උදයම්,කොළඹ) – ආගමික සමගිය සහ සාමය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැක්ම ලෝක ඉස්ලාමීය නායකයින්ගේ පැසසුම හිමි වෙයි.

ඊයේ පස්වරුවේ ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදි මෙලෙස ඉස්ලාමීය නායකයින්ගේ පැසසුම හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට එක්වූ සෞදි අරාබියේ ඉස්ලාම් අමාත්‍යාංශයේ උපදේශක අබ්දුල් අසීස් අල් අම්රා ජනාධිපතිවරයා හමුවී සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගමික සමගිය සහ සාමය පිළිබද ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයක් ගත හැකි බවය.

එමෙන්ම නූතන රාජ්‍යයේ ප්‍රතිපත්ති යටතේ ශ්‍රී ලංකාව සහ ඉස්ලාම් ලෝකය අතර සබදතා ශක්තිමත් වී ඇති බව ද එම අවස්ථාවට එක්වූ මුස්ලිම් තරුණ ජාත්‍යන්තර සංගමයේ මහලේකම් සලිහ් නසීර් මොහොමඞ් අල් සලේ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ඉදිරියේදී සෞදි අරාබි රජයේ ආධාර සැපයීමට සූදානම් බවයි එම අවස්ථාවට එක්වූ නියෝජිතයන් සදහන් කර ඇත.

මේ අතර, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරුන් රැසක් ද එක්ව තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/PRESIDENT-WITH-ISLAMIKS-2-UDM-SIN.jpg”]

Related posts

විගණකාධිපතිවරයෙක් නොමැතිවීම ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වාගෙන් ජනාධිපති ට ලිපියක්

Editor O

Hyperloop pod set for global premiere in Dubai

Mohamed Dilsad

Greek ex-PM Lucas Papademos injured in Athens car blast

Mohamed Dilsad

Leave a Comment