දේශීය

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ, ඊට අදාළ ප්‍රතිශෝධන අයදුම්පත අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම ඉල්ලීම සිදුකළ බව සඳහන්.

අනතුරුව පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළ අතර ප්‍රතිශෝධන පෙත්සමෙන් රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය දෙසැම්බර්මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කළ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළ තීන්දුව නීතියට පටහැනි බවයි.

Related posts

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 443ක්

Mohamed Dilsad

එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙයි.

Editor O

Leave a Comment