දේශීය

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (30) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ – 02, 03, 07, 08, 09, 10 යන ප්‍රදේශවලට බව සඳහන්.

‍මීට අමතරව කොළඹ 01 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment