දේශීය

අවුරුදු 2 ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වලකින්න

(UTV | කෝවිඩ් -19) – අවුරුදු 2ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය වලක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රීයාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කර ඇති අතර එහි අංශ 46ක් සඳහා උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් යන අංශය යටතේ නිකුත් කර ඇති උපදෙස් වල දැක්වෙන්නේ ස්වසන අපහසුතා ඇතිවිම වැලැක්වීම  සඳහා අවුරුදු 2ට අඩු දරුවන් මෙලෙස මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු බවයි.

එමෙන්ම වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට මුහුණු ආවරණ පැලදීමට ඉගැන්විය හැකි අතර මූලික සෞඛ්‍ය නීතිරීතිවලට අනුව මුඛ ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට එම ආයතන, කාර්ය මණ්ඩල සහ පෙර පාසැල් ගුරුවරුන් කටයුතු කළ යුතුයි.

Related posts

රනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය

Editor O

ජාතික රෝහලේ මුදල් කොල්ලකා පළාගිය දොස්තරට රැඳවුම් නියෝග

Mohamed Dilsad

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment