දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

(UTV | කොළඹ) – ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ඇතුලත් නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබේ.

ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

Related posts

පසුගිය දින දෙක තුළ දී චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 204 මෙරටට

Mohamed Dilsad

හිටපු ඇමති මනූෂට, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

Editor O

ජනපති ලබාදෙන පණිවිඩ කතානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment