විදෙස්

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

(UTV| කොවිඩ් 19) –  කොරෝනා වෛරසය පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් අගෝස්තු මාසය වනතෙක් බ්‍රසීලය ඇතුළු අනෙක් ලතින් ඇමෙරිකානු රටවලින් වෛරසය ආසාදිත මරණ වාර්තා වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලතින් ඇමෙරිකාව ද ඇතුළුව ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24 ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,43,000 ඉක්මවා ගොස් තිබිණි.

මේ වනවිට ලතින් ඇමෙරිකානු කලාපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.

පේරු, චිලී, එල් සැල්වදෝරය, ග්වතමාලා සහ නිකරගුවාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පෙන්වාදුන්හ.

බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිවනු ඇතැයි ද අගෝස්තු මාසය වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 125,000ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වොෂින්ටන් විශ්වවිද්‍යාලය’ කළ අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත.

Related posts

ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂ තීරණයකට අගමැති මෝදි ජාතිය ඇමතීමට සූදානම්

Mohamed Dilsad

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඉන්දියාවේ පැතිරෙන “ටොමැටෝ ‍ෆීවර්”

Mohamed Dilsad

Leave a Comment