දේශීය

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

(UTV | කෝවිඩ්-19) – අද (26) දින , පැවති ඇඳිරි නීතිය හමුවේ ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටි තවත් 3000 ක් පමණ පිටත්කර යැවීම සිදුවේ.

ඒ අනුව පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් 2000 කට ආසන්න පිරිසක් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව පිටත්කර යැවීමට නියමිතයි.

එමෙන්ම ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටින 1000 කට ආසන්න පිරිසක් විශේෂ දුම්රියක් මගින් අද දිනයේදී බෙලිඅත්ත දක්වා පිටත්කර යැවීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා 52000 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටි අතර මේ වනවිට ඉන් 20000 ක් පමණ යවා අවසන් බවයි පොලිසිය කියාසිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ආරක්ෂාව අඩු කිරීම ගැන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියයි.

Editor O

Leave a Comment