දේශීය

පක්ෂවල යෝජනා අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් ලබා ගැනීමට තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

රට තුළ පවතින වාතාවරණය හමුවේ මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහ පක්ෂවලට පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දැනුම් දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂවල මතය විමසීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Related posts

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය මසකින් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment