දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

(UTV | කොළඹ ) – අද (23) රාත්‍රී 8 සිට ලබන අගහරුවාදා අලුයම 5 තෙක් සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පැණවේ.

ඒ අනුව හෙට (24) සහ අනිද්දා (25) දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

අනෙක් දිස්ත්‍රික් 23 හි ඇඳිරි නීතිය ලබන අගහරුවාදා අලුයම 5.00 ට ලිහිල් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ අද දිනයේත් ක්‍රියාත්මක වේ.

කොළඹ හා ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය මැයි 26 අගහරුවාදා සිට නැවතත් දිනපතා රාත්‍රී 8.00 සිට අලූයම 5.00 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

Related posts

රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනය ඇරඹේ.

Editor O

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment