දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1128 ක් දක්වා ඉහළට

(UTV| කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමගින් රුපියල් මිලියන 1128 දක්වා ඉහළ ගොස් ඇත.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් 2,205,448.89 ක් අද (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට එක්ව සිටියේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සිය මැයි මස වැටුප වන රුපියල් 66,000ක මුදල ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් 1,326,449.00 ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

Related posts

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්න

Editor O

කෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

Leave a Comment