දේශීය

අම්ෆන් සුළි කුණාටුවෙන් ලංකාවට ඇතිවූ බලපෑම ක්‍රමයෙන් පහව යයි

(UTV | කොළඹ) – අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඇතිවූ බලපෑම හෙට සිට අඩුවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අම්ෆන් සුළි කුණාටුව බටහිර බෙංගාල වෙරළ තීරයෙන් ඉන්දියාවට කඩා වැදී තිබේ.

ඔදීශා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලින් ලක්ෂ 6 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බව ද ඉන්දීය වාර්තා පවසයි.

කෙසේවෙතත් නුවරඑළිය , රත්නපුර , කෑගල්ල , කලුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි තවදුරටත් ඇති විය හැකියි.

දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

එමෙන්ම ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ධීවරයන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

 

Related posts

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලය පැය 24 ම විවෘතයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

Leave a Comment