දේශීය

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

(UTV | කොළඹ) – සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අද (20) සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේය.

මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇති අතර සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.

පසුගිය කාලය තුළ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 770කට පමණ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.

පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක වැඩිදුරටත් පැවසුවේ තවදුරටත් වෙළඳපොළ තුළ කෘත්‍රිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Related posts

ඉන්ධන හිඟයෙන් කොළඹ කුණු එකතු කිරීම නවතී

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ස්වාධීන වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ආදාළව අගමැතිගෙන් විශේෂ උපදෙස්

Mohamed Dilsad

Leave a Comment