දේශීය

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

(UTV | කොළඹ) – සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අද (20) සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේය.

මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇති අතර සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.

පසුගිය කාලය තුළ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 770කට පමණ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබුණි.

පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක වැඩිදුරටත් පැවසුවේ තවදුරටත් වෙළඳපොළ තුළ කෘත්‍රිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Related posts

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තීරණයක් ගනී

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබා දීමට සැරසේ

Mohamed Dilsad

Leave a Comment