දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද තුන්වන දිනටත් සළකා බැලූ අවස්ථාවේදියි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේය.

ජනාධිපති නීතීඥයා කියා සිටියේ මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශවලින් පැහැදිලි නිගමනයක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.

සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකිවනු ඇතැයි යන්න මැතිවරණ කොමිසමේ නිරීක්ෂණය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment