දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 60,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ 60, 425 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 16,924 කි.

ඊයේ (19) පෙරවරු 6 සිට අද (20) අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 660 ක් වන අතර වාහන 256 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 17 ,193 ක් පවරා තිබේ.

Related posts

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙසක් දින පණිවිඩය

Editor O

බයිඩන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ – සහාය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට

Editor O

Leave a Comment