දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 60,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ 60, 425 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 16,924 කි.

ඊයේ (19) පෙරවරු 6 සිට අද (20) අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 660 ක් වන අතර වාහන 256 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 17 ,193 ක් පවරා තිබේ.

Related posts

බිනර පෝය අදයි

Editor O

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්

Editor O

Leave a Comment